උසස් පෙළ විද්‍යාගාර භාණ්ඩ
පාසලට අලුතින් උසස් පෙළ විද්‍යා අංශයක් ආරම්භ කිරීමට මග පාදමින් අ.පො.ස.(උ.පෙළ) විද්‍යාගාරය සඳහා අවශ්‍ය භාණ්ඩ 2011.05.24 දින අප විද්‍යාලයට ලැබුණු බව ඉමහත් සතුටින් සඳහන් කරමු.
වෙසක් වැඩ සටහන් දෙවන දිනය - සිල් සමාදන් වීම2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අප විද්‍යාලය සංවිධානය කරනු ලැබූ වැඩ සටහන් වල දෙවන දිනය සිල් සමාදන්වීම වෙනුවෙන් වෙන් විය. ගුරු මණ්ඩලය සහ සිසුන් සියලු දෙනාම පාහේ සිල් සමාදන් වූ අතර දාන මාන සැපයීම දෙමාපියන් විසින් සිදු කෙරිණි.
Last Updated (Saturday, 21 May 2011 09:36) ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් වැඩ සටහන් රැසක්2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ආගමික වැඩ සටහන් රැසක් විද්‍යාලය තුළ සංවිධානය කර ඇත. 2011.05.12 වන දින අරණායක ආරෝග්‍ය ශාලා පරිශ්‍රය පිරිසිදු කිරීම,රෝගීන්ට තේ පැන් සංග්‍රහයක් පිළිගැන්වීම,දෙමාපිය සහභාගිත්වයෙන් පාසල් බිම පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2011.05.13 වන දින පාසල් සිසුන් සහ ගුරු මණ්ඩලය සිල් සමාදන්වීම,කවි බණ ධර්ම දේශනාවක්,භාවනා වැඩ සටහනක් 2011.05.16 වන දින වෙසක් පහන් කූඩු නිර්මාණය,සැරසිලි කිරීම 2011.05.19 වන දින භක්ති ගීත සංදර්ශනයක් සහ බෞද්ධ නාට්‍ය කඳු නැගීමේ තරග ජයග්රහනසමස්ත ලංකා කඳු නගින්නන්ගේ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද කඳු නැගීමේ තරගය 2010.10.09 වන දින අරණායක බතලේගල ප්‍රදේශයේ දී පැවැත්විණි. මේ සඳහා පුංචි සීගිරිය නමින් ප්‍රසිද්ධ බතලේගල ගිරි ශිඛරය තරණය කිරීමට යොදා ගෙන තිබුණු අතර මතු දැක්වෙන පාසල් සහභාගි විය.
එහිදී කඳු නැගීමේ තරගයේ
අප විදුහලට හිමි විය.
තරගය සඳහා අප විදුහල නියෝජනය කළ කණ්ඩායම (විදුහල්පති තුමිය සහ ක්‍රීඩා භාර ගුරු මහතාද මෙහි සිටී.)
ක්‍රීඩා ජයග්‍රහනයක්2010 සැප්තැම්බර් මස 18 වන දින පැවති සමස්ත ලංකා බර ඉසිලීමේ පාසල් අංශයේ කනිෂ්ඨ ශූරතාවය (කාන්තා) දිප්පිටිය රාජගිරි මහා විදුහල විසින් හිමි කර ලන්නා ලදී.
Last Updated (Thursday, 04 November 2010 15:54) |









